විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි


විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (8දා) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් මත විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.



Recommended Articles