විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට


 මැදපෙරදිග පිහිටි රාජ්‍යයන් දෙකක් වන ජෝර්දානයේ සහ කටාර් වල සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට විදේශීය වානිජ නැව් වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මෙසේ අද දින අලුයම 1.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම ජෝර්දානයේ අම්මාන් නුවර සිට 8/18 දින අලුයම 4.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ - 1506 දරන විශේෂ ගුවන් යානයෙන් එරට සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණු බව සඳහන්

 

 



Recommended Articles