විදෙස් ගත ශ්‍රමිකයන් සැප්තැම්බරයේ ඩොලර් මිලියන 482ක් එවයි


සැප්තැම්බර් මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඇමෙරිකනු ඩොලර් මිලියන 482.4ක් ප්‍රේෂණ ලෙස යොමුකර ඇතැයි කම්කරු හා විදේශ රැකිය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒසේම මේ වසරේ ගතවූ මාස 9ක කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 4345.1ක් යොමුකර ඇති අතර ඒය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡෛ්දය හා සැසදීහමේදී සියයට 68.8ක වර්ධනයක් බවද  ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 



Recommended Articles