ඉදිකිරීම් සිදු කරන තෙමහල් ගොඩනැගිල්ල අසල අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පිහිටා ඇත. එමගින් විදුලිසැර වැදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
උහන - 2025.10.11 වන දින සවස් කාලයේ උහන පොලිස් වසමේ හිමිදුරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අකුණු සැර වැදීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට උහන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 46 ක් වූ උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

