විදුලිය විසන්ධි නොකරන බවට ජනපති කිව්වත් දිඹුලාගල විදුලිය විසන්ධි කරලා


පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඊයේ (28දා) රාත්‍රී විසන්ධි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පැවැසීය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිහිමියන් පසුගියදා පාර්ලිමේන්තුවට වැඩමකර මෙම ගැටලුව පිළිබඳව ජනපති හා අගමැති සමග සාකච්ඡා කළ බවද ඔහු පැවැසීය.

එහිදී විදුලිය විසන්ධි නොකරන බවට ජනපතිවරයා සහතිකය ලබාදුන් අවස්ථාවකදී මෙසේ විදුලිය විසන්ධි කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 

 



Recommended Articles