විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම්


අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. ඒ අනුව එලෙස විදුලිය බිඳවැටුණු පාරිභෝගිකයින් සංඛ්‍යාව 475,000 ක් බව වාර්තා වෙයි.

මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ වාර්තා වන බවත් විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය.



Recommended Articles