විදුලිබල පනත විවාදයට නොගනී


ලබන 24 වැනිදා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගෙන ඉදිරි දිනකදී විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ වෙනුවට ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 5.30 දක්වා පැවැත්විමටත් මෙහිදි තිරණය වී ඇත. ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධ තාක්ෂණික කාරණා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර අදාළ කටයුතු අවසන් වීමෙන් පසු නැවත ඉදිරි පාර්ලිමේන්තු දිනක දී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබේ



Recommended Articles