විදුලි වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්


කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.

ලබන 03 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කර සිටියි.

 



Recommended Articles