විදුලි බිල සියයට 27කින් අඩු විය යුතුයි


ජුලි මස 01 වැනිදින සිට විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවෙහි විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ 3% ක  අඩු වීමක් බවත්, මෙම ප්‍රතිශතය සකස් කර තිබෙන්නේ වැරදි දත්තමත බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

 මහජන උපයෝගිතා කොමිසමේ ගණනය කිරිම් අනුව මේ මොහොතේ විදුලිබිල 27%කින් අඩු විය යුතුව තිබෙන බවද, මේ නිසා අඩුම වශයෙන් 20% ප්‍රමාණයකින් විදුලිබිල පහළ යා යුතු බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

 පසුගිය අගෝස්තු මාසයේදී 75% කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බවත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී  නීතියට පිටින් 65% කින්  මිල ඉහළ දැමූ බවත්,මෙසේ කරනු ලැබුවේ වැරදි දත්ත පදනම් කරගෙන බවත්හෙතෙම පවසා සිටියේය.

 මේ අවස්ථාවේදීත්  මහජන උපයෝගිතා කොමිසමට නිවැරදි දත්ත ඉදිරිපත් නොකර විදුලිබිල 3% කින් අඩු කිරීමට විදුලිබලමණ්ඩලය යෝජනා කර තිබෙන බවත්,  මේ නිසා නිවැරදි දත්ත ලබා දෙන ලෙසට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලිම් කර තිබෙන බවත් සඳහන් කළේය.

 



Recommended Articles