විදුලි බල හා ප්‍රවාහන නිලධාරීන්ට විදේශ ගතවීම තහනම්


විදුලිබල හා බලශක්ති  හා ප්‍රවාහන අමාත්‍යාංශය නිලධාරින්ට අතව්‍යශ්‍ය කටයුත්තක් හැර වෙනත් විදේශ සංචාර සඳහා විදේශගතවිම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට වාර්තා වී ඇති කොවිඩ් වෛරස් රෝගී තත්ත්වය  සැළකිල්ලට ගනිමින් රජය  මගින් ලබා දී තිබෙන උපදෙස් මත විදුලිබල බල ශක්ති අමාත්‍යාංශයේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ  සියළුම නිළධාරින්ට අවශ්‍යම කටයුත්තකට හැර වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වීම තාවකාලිකව අත්හිටුවීමට අද (13දා) තීරණය කර තිබේ.

 



Recommended Articles