විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන් සිදුවෙනවා


ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. 

එසේම විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් නීතිපතිවරයා ඒ බව තහවුරු කර ඇති බවත් ඔහු පැවැසීය. විදුලි බිල සං‌ශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් මීළඟ කැබිනට් රැස්වීමට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවැසීය. 



Recommended Articles