විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ලංවිමෙන් දුන්නේ නෑ - කොමිසම කියයි


විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන්‍ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා පළ වුවත්, මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා බාර දී ඇති බවට මේ වන විට ප්‍රචාරය වෙමින් තිබෙන බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි. එහෙත් ඊයේ(8දා) දිනය වන  විටත් එවැනි යෝජනාවක් ලැබී නොමැති බව කොමිෂන් සභාව පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා හා ජනන වියදම් පිළිබඳ වාර්තා මේ වන විට සකස් කරමින් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරන අතර, අදාළ වාර්තා මේ මස 15  වැනි දින හෝ ආසන්න දිනකදී කොමිසමට  ලබා දීමට නියමිත බවද වාර්තා වේ. ජලවිදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන නිසා මෙවර සංශෝධනයේ‍ විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවටද වාර්තා වේ.



Recommended Articles