විදුලි අර්බුදය නිසා පාසල් නිවාඩුව කලින් ඉල්ලයි


ශ්‍රී ලංකාවේ පවතින විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් සිසුන් මුහුණපාන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් අප්‍රේල් පාසල් නිවාඩුව කලින් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ අනුව ලබන සඳුදා සිට පාසල් නිවාඩුව ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලීමක් කර තිබේ. අප්‍රේල් පාසල් නිවාඩුව අප්‍රේල් 09 දා සිට 17 දා තෙක් ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණි.



Recommended Articles