විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල නිවාඩුද දගු කරයි


දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20වැනිදා දින සිට ආරම්භ කරනු ලැබේ.

රටෙහි පවත්නා කෝවිඩ්-19 රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.



Recommended Articles