වික්ටෝරියාවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි


මේ දිනවල කන්ද උඩරට ප්‍රදේශයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම ජල ධාරිතාවයට පැමිණීමත් සමඟ එහි වාන් දොරටු දෙකක් විවෘත කොට තිබේ .

කියුබික් ඝන මීටර මිලියන 722 ක උපරිම ජල ධාරිතාවයක් ඇති වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමත් සමග මේ වන විට තත්පරයකට ඝන අඩි 154 ක ජල ධාරිතාවයක් මුදාහරිමින් සිටි.

වාන් දොරටු පරික්ෂා කිරීමේ ව්‍යාපෘතියකට අනුව එම වාන් දොරටු දෙක කෘතිමව විවෘත කොට ඇත.

ෂේන් සෙනෙවිරත්න

 



Recommended Articles