වික්ටෝරියා නූලන්ඩ් ජනපති හමුවෙයි


ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි දේශපාලන කටයුුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

මෙහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකා ජනතාවට දැනට පවතින එක්සත් ජනපද ආධාර වැඩසටහන් පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඇතුළත් සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් සම්බන්ධයේ ඇමෙරිකාවට හා ශ්‍රී ලංකාවට එක්ව කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡාවට ලක්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය පැවැසුවාය.

 



Recommended Articles