වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර


වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගත් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100 ක් තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එහි සභාපති අනුර වල්පොල වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles