වික්ටෝරියා සිඳෙයි පැරැණි තෙල්දෙණිය මතුවෙයි


මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන්  වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මේ වන විට පතුලටම සිඳී පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතු වී ඇති අයුරු දක්නට ලැබෙයි.

වික්ටෝරියා ජලාශයේ  අද (29දා) දක්නට ලැබුණේ ජල මට්ටම පතුලටම සිඳී ජලාශය පිට්ටනියක ස්වරූපයක් ගෙන තිබෙන අයුරුයි. 

වික්ටෝරියා ජලාශය  ඉදි කිරීමේදී පැරණි තෙල්දෙණිය නගරය යට කර නිර්මාණය කර ඇති අතර ජල මට්ටම සම්පූර්ණයේ සිඳී ගිය විට එම පැරැණි තෙල්දෙණිය නගරයේ තිබූ ඉදිකිරීම්වල  නටබුන් මතුව දක්නට ලැබෙයි.

මේ වන විට වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ගොස් ඇති බැවින්  පැරැණි තෙල්දෙණිය නගරයේ මාර්ග සහ කෝවිලද මතුව තිබෙන අයුරු මෙලෙස දක්නට ලැබිණි.

 මහනුවර  මොහොමඩ්  ආසික්

 



Recommended Articles