වැසි රහිත කාලගුණ‌යේ වෙනසක්


දිවයිනට මේ වන විට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලි වෙයි.

ඒ් අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයෙදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles