වැස්සේ අඩුවීමක්


උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වගේ අඩුවීමක් හෙට දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැහෙනහිර හා ඌව පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවත් පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 



Recommended Articles