වැව් බැම්ම මත ඇවිදින මංතීරුවට මෛත්‍රීගේ විරෝධය


ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

කුමන හේතුවක් මත හෝ ඓතිහාසික වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවත් වැව් බැමි පරිස්සම් කළ යුතු බවත් ඒවා පූජනීය වස්තූන් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවාසා සිටියි.



Recommended Articles