අනුරාධපුර දිස්ත්රික්කයේ එප්පාවල ගොවිජන සේවා බල ප්රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි භූමි ප්රමාණය අඩු වී ඇතැයි ගොවීන් චෝදනා කර සිටිති.
මේ හේතුවෙන් යම් දිනෙක වැව ප්රථිසංස්කරණය කිරීමේදී වැව නිසි ලෙස ප්රථිසංස්කරණයක් සිදු කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ගොවීන් පෙන්වා දෙති.
අනුරාධපුර දිස්ත්රික්කයේ එප්පාවල ප්රදේශයේ පිහිටි කඳුරුගස්වැව ගම්මානයේ බොහෝ ගොවීන් පිරිසක් මෙම දික්වැව වැවෙන් තම වගා කටයුතු සඳහා ජලය ලබා ගනිති.මෙම වැව අහස් දියෙන් පමණක් පෝෂණය වන වැවක් වන අතර, එලෙස වැස්සෙන් පිරෙන වැවෙන් අවුරුද්ද පුරා අක්කර 160 ක් දෙකන්නයම වගා කිරීම සිදු කරති.මෙම වැවෙන් පහළ කොටස පමණක් ගොවීන් වී වගාව සිදු කරන අතර, වැව් ඉස්මත්ත ලෙස එප්පාවල පොස්පේට් රක්ෂිතය පවතියි.එම ප්රදේශයේ කිසිදු වගාවක් සිදු කිරීමක් හෝ වැව් රක්ෂිත අත්පත් කර ගැනීමක් මෙම ගම්වාසීන් විසින් සිදු කර නොමැති බවද දැක ගත හැකිය.
එසේ තිබියදී හදිසියේම පසුගිය දින වල මෙම වැව තුළම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වන රක්ෂිත මායිම් ලෙස ලකුණු කරමින් ගල් දමා ඇතැයි ගොවීන් පවසති.වැව තුළ මෙලෙස රක්ෂිත මායිම් කිරීම හරහා වැවට හිමි භූමිය රක්ෂිතයක් වන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ යුත්තේ වැව් රක්ෂිතය අතැර ඔවුන්ගේ සීමා මායිම් සලකුණු කිරීම බවත් ගොවීන් පවසති.
මේ දින වල වැසි රහිත කාළගුණයක් පවතින බැවින් වැව සිඳී පැවතියද, වර්ෂාවෙන් වැව පිරුණු පසු මෙම මායිම් ගල් පසු කරගෙන අඩි 100 ක් 200 ක් දුරට ජලය පිරී යන බවද ගොවීන් පෙන්වා දෙති. යම් දිනෙක වැව ප්රථිසංස්කරණයේදී මෙම වන සංරක්ෂණ මායිම් ගල් ගලවා දමා , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් වැව් රක්ෂිත ගල් වෙනම දැමීමට සිදු වන බවද ගොවීන් පෙන්වා දෙති.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරී මාර්ග දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලු ආයතන සම්බන්ධ වී මෙම කටයුතු සිදු කළ යුතු වූවත්, එම ආයතන අතර කිසිදු සම්බන්ධතාවක් නොමැතිව මෙසේ එක් එක් ආයතන වල වුවමනාවන්ට කටයුතු කිරීම මගින් නිකරුනේ රජයේ මුදල් නාස්ති වන බවද ඔවුන් පෙන්වා දෙති.