වැලිහිඳ කළු අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකල්ලි නායක, දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් වැලිහිඳ කළුනැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.



Recommended Articles