වැලිමඩ ගොවියකු සිය කුඹුරේ දීම සියදිවි නසා ගනී


වැලිමඩ  කුඹුරු යායකදී ගොවියෙකු ඊයේ (4) රාත්‍රී සියදිවි නසාගෙන ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. 

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහමෝදර දිවිතොටවෙල පදිංචි ආර් එම්  සෙනවිරත්න (55) නමැති  ගොවියෙකි.

සිය කුඹුරුයායේ දීම එහි පිහිටි ගසක එල්ලී ඔහු සිය දිවි නසාගෙන ඇතැයි බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 ගොවියා මෙසේ මිය යාමට  හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.  වැලිමඩ  පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

හල්දුම්මුල්ල එස් පි නානායක්කාර

 


Recommended Articles