වැලිගම මුහුදේ දිය නෑ ගැහැණු දරුවන් දෙදෙනෙක් අතුරුදන්


වැලිගම මුහුදේ දිය නාමින් සිටි ගැහැනු දරුවන් අතරින් සිවු දෙනෙකු දියේ ගිලීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

තවත් දෙදෙනෙක් බේරාගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබේ. වැලිගම පදිංචිව සිටි අවුරුදු 12ක හා 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියි.

 



Recommended Articles