වැලිකඩ රැඳවියන්ගේ විරෝධය තවදුරටත්


වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ඊයේ (26) පස්වරුවේ එහි චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කළේය.

ඒ තමන්ට ලබාදී ඇති මරණ දඬුවම සිව්වස් සමාලෝචනයක් කර 20 අවුරුදු සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලමින්ය.

බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වර්ජනයේ නිරත රැඳවියන්ගේ ගැටලුව පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබාදෙන බව පවසා ඇති පසුබිමකත් ඔවුන් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
 

 



Recommended Articles