වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් මතුවු ජංගම දුරකථන


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක තිබී තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයාගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ල අසල ජලය පිටතට බැසයන කාණුවේ පිටත විවරයක් තුළින් ඉතා සූක්ෂමව රෙදිවලින් ඔතා එම පාර්සලය කාන්තා අංශය තුළට දමා තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පාර්සලය සොයාගෙන තිබෙන්නේ රාජකාරියේ යෙදී සිටි නිලධාරිනියන් විසිනි.

පාර්සලය තුළ තිබී සොයාත් දේවල් මෙසේය.
ජංගම දුරකථන10 ක්ජංගම දුරකථන බැටරි 14 ක් ජංගම දුරකථන සිම්පත් 11 ක් ජංගම දුරකථන චාජර් 01 ක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයකි.

බ‍න්ධනාගාර නිලධාරීන් භාරයට ගත් එම පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

 



Recommended Articles