වැලි වලක පාවෙමින් තිබු කාන්තා මළසිරුරක් සොයා ගනියි


ඉතා අභිරහස් අයුරින් මියගොස් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ  වැලි වළක පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3)  සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ සොයාගත් මළසිරුර ඇල්පිටිය නියාගම ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි කාන්තාවගේ බවට හදුනාගෙන ඇති බවද පොලීසිය කියයි.

මෙය ඝාතනයක් ද නැතහොත් මේ කාන්තාව වැලි වලේ වැටී මිය ගොස් ඇත්ද යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.

ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා

 

 



Recommended Articles