වැලි ලොරියට යටවී පොලිස් සැරයන් ජීවිතක්ෂයට


කොස්ලන්ද පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ඊයේ සවස වැලි ප්‍රවාහන ලොරියකට යට වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව කොස්ලන්ද පොලිසිය පැවසීය. 

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හල්දුම්මුල්ල සීලතැන්න පදිංචිව සිටි ඩබ්ලිව් එම්   පුෂ්පකුමාර නමැති පොලිස් සැරයන් වරයෙකු  බවද මේ වනවිට හඳුනාගෙන තිබේ.

මෙම අනතුර අද පස්වරුවේ කොස්ලන්ද ප්‍රාදේශයේදී සිදුවී ඇති අතර අනතුරට ලක් වූ පොලිස්ව සැරයන් වරයා   රාජකාරී කටයුත්තත් සඳහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියේ දී මෙම අනතුරට මුහුණ පා තිබේ.

 රියදුරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ලන්ද පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


Recommended Articles