වැලි ගොඩදැමීමේ රැකියාව කරන මුවාවෙන් හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් සිවුදෙනකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග මහ ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් විස්සක් පොලිසිය භාරයට ගෙන ඇත.
මහ ඉංගිරිය ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන් හේතුවෙන් ප්‍රදේශයේ සාමයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කොට්ඨාස බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු ට එරෙහිව මීට ඉහතදීද මත් කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇතැයිද වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසීය
වයස අවුරුදු 22 සහ 42 අතර පසුවන සැකකරුවන් ඌරුගල සහ මහ ඉංගිරිය පදිංචිකරුවන් ය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරියෙ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
ඩබ්ලිව් ඒ සි ජනක ,පොලිස් සැරයන් 10534 අරුණ ශාන්ත 41581 රොෂාන් පෙරේරා පොලිස් කොස්තාපල්වරුන් වන 13709 වඩුගොඩ.92557 මුණසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වයි.