වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් බව කියන වැල්ලේ සුරංග යන අයගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන ළිහිරු නයනප්‍රිය (23) නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.85ක්, කේරළ ගංජා ග්‍රෑම් 50.467ක්, කඩු දෙකක් හා මුදල් රුපියල් 134150ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles