වැල්ලේ සාරංග අත්අඩංගුවට


පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන සුරංග සාරංග නොහොත්  "වැල්ලේ සාරංග" නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

වැල්ලේ සාරංග නැමැත්තා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක වෙඩික්කරුවෙක් ලෙස සැලකෙයි.



Recommended Articles