වැල්ලවායේ නගර තුනක් සහ බුත්තල ග්‍රාම සේවා වසමක් හුදෙකලා කෙරේ


වැල්ලවාය සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් 19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා වැල්ලවාය, ඇතිලිවැව සහ වෙහෙරයාය නගර සීමාවන් සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රහතන්ගම ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශ බවට පත්කිරීමට අද (27) මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන ආරක්ෂණ කමිටුව තීරණයකර ඇත.

මොනරාගල දිසාපති සහ මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන ආරක්ෂණ කමිටුවේ සභාපති ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවති රැස්වීමේදී මෙම තීරණයට එළැඹිණි.

මෙහිදී බුත්තල ප්‍රාදේශීය රෝහල කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට තීරණය කෙරිණි.

මෙම රැස්වීමට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහභාගී වූහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles