වැල්ලවත්තේ හා බම්බලපිටියේ නිරුවත් පිරිමි මළ සිරුරු දෙකක්


වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි මළ සිරුරු දෙකක් අද  (10දා) ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මළ සිරුරු දෙක හමුවන විට නිරුවත් ව තිබී ඇතැයි පොලිසිය කියයි.

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා මාවත ආසන්නයට ගොඩ ගසා තිබූ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබූ එකක් බවත් වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සිල්වා මහතා පැවසීය 

බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් පාරෙ වෙරළ  තීරයේ තිබී සොයාගත් මළසිරුර අධික ලෙස නරක් ව තිබුණ බවත් බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතා පැවසීය

මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හඳුනාගැනීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට නියමිතය.

 



Recommended Articles