වැඩිහිටි නිවාසයක හිමිනමක් ඝාතනය කර සැකකරුවෙකු අත්අඩංගුවට


පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමින් වහන්සේ නමක් පහරදිමකින් ඝාතනය කර තිබෙනවා.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෙන් කරනු ලැබු එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහන් කළේ.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව ප්‍රතිකාර ගෙන සිටින ජාඇල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ උදෑසන එම වැඩිහිටි නිවාසයේ ඇතිවු සිද්ධියකදි සැකකරු මෙම හිමිනමට මුගුරකින් පහරදි ඇතැයි හෙළිවි තිබේ.



Recommended Articles