වැඩිහිටි ජනගහනය 100ක් එන්නත්කරණය කළ පළමු රට බවට පත්කරනවා


අපි විශ්වාස කරනවා වර්තමානයේ කරන මේ එන්නත්කරණය අපට සැප්තැම්බර්, ඔක්තොම්බර් විතර අවසන් කර ගන්න. ලංකාවේ වැඩිහිටි ජනගහණය 100% ක් එන්නත්කරණය සිදුකර, එසේ කළ පළවෙනි රට බවට පත්වෙනවා. අපට ලෝකයට හඬගා කියන්න පුළුවන් දැන් ලංකාව සුරක්ෂිතයි ඒ නිසා බය නැතිව එන්න කියලා.

අපි විශ්වාස කරනවා 2022-23 වන විට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ විශාල පුනරුදයක් ඇතිවේවි කියලා. එතකොට අපි ඒ සංචාරක ක්‍ෂෙත‍්‍රයට එන පුනරුදයෙන් යම්කිසි  මේ වලපනේ වැනි ප්‍රදේශවල​ට  ගන්නට  ඕනේ. මේවා ලංකාවේ තිබෙන ලස්සනම ප්‍රදේ​ශ. සුන්දර ප්‍රගුණයක් තිබෙන ප්‍රදේ​ශ.

ඒ නිසා මේ ප්‍රදේශවල​ටත් අපි සංචාරකයෝ ආකර්ෂණය කර ගන්න අලූතින් හිතන්න  ඕනේ. සංචාරක ව්‍යාපාරය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම​ට නව සැළසුම් අනුව කටයුතු කළ යුතු බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වලපනේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම් සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නයක මහතා සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් වලපනේ නගරයේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.



Recommended Articles