වැඩි මිලට භාණ්ඩ විකුණු වෙළෙදුන් පිරිසක් අත්අඩංගුවට


යාපනය ප්‍රදේශයේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පාරිභෝගික අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

යාපනය, කල්වියන්කාඩු, කෝපායි, අචුවේලි සහ නීර්වේලි යන නගරවල වැඩි මිලට වෙළදුන් භාණ්ඩ අළෙවි කරන බවට යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට තොරතුරු ලැබී තිබුණා.

අත්අඩංගුවට ගත් වෙළදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.

 



Recommended Articles