වැඩබලන අමාත්‍යවරුන් පත් කරයි


ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ  නිල ජර්මානු සංචාරය හේතුවෙන් ඔහුගේ අමාත්‍යාං‍‍ශ 3ට හා මෙම සංචාරයට එක්ව සිටින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ අමාත්‍යාංශය වෙනුවෙන් වැඩ බලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය -  කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු 

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

ආරක්ෂක වැඩබලන අමාත්‍ය  - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර 



Recommended Articles