වැඩ කරන අයට නොකරන අයගෙන් බාධා


වර්ජනයේ නිරත නොවි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා එක්ව සිටින පුද්ගලයන් වෙත වර්ජනයේ නිරත පුද්ගලන් විසින් බාධා එල්ල කරමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි.

දුම්රිය, රජයට අයිති බවුසර් හා ඉන්ධන හල් හිමියන්ට අයිති බවුසර් මගින් ඉන්ධන බෙදා හැරිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles