වැටුප් ඉල්ලා රූපවාහිනි සේවකයෝ සභාපතිගේ කාමරය වටලති


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙසත් වැටුප් කප්පාදු නතර කරන ලෙසත් ඉල්ලා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද  විරෝධතාවයක නිරත වූහ.

රූපවාහිනී ජ්‍යෙෂ්ට කළමනාකරුවන්ගේ රැස්වීමක් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාල පරිශ්‍රයේ දී පැවති අතර මේ රැස්වීම පැවැත්වෙන අතරතුරදී මෙම විරෝධතාව පැවැත්වුණි.

මෙහිදී රූපවාහිනී සේවකයන් විරෝධතා පාඨ කියමින්  රූපවාහිනී ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වයේ සාමාජිකයන්ට සිය විරෝධයද එල්ල කළහ. 



Recommended Articles