වැට් වැඩිවීම ජනතාවට වගේම අපිටත් අමාරුයි


වැට් බදු වැඩිකිරීම ජනතාවට මෙන්ම තමන්ටත් අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය .

ඒ මහතා මේ අදහස් පලකලේ කළුතර සමුපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

ජනතාවගේ අමාරුකම පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී වත්මන් ජනාධිපති වරයා දැනුවත් කරන බවද ඒ මහතා පැවසීය.

"ඉදිරියේ එන මැතිවරණ වලට පොදුජන පෙරමුණ ට හොදින් මුහුණු දෙන්න පුළුවන්. අභියෝග කිසි ප්‍රශ්නයක් නෑ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ජනාධිපති වරණයේදී ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කයිවාරු ගැහුවාට වැඩ බෑ"

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles