වාහන රාශියක් ඇති ව්‍යාපාරවලට ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වෙන්න අවස්ථාව


වාහන රාශියක් ඇති ව්‍යාපාර සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

ඒ අනුව ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය භාවිත කරමින් එසේ ලියාපදිංචි විය හැකි බවත් යන්ත්‍රෝපකරණ සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ ප්‍රා දේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි කරන ලෙසද අමාත්‍යරය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 



Recommended Articles