වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුවෙන් කිසිම සූදානමක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. තමන්ගේ දැනුම හැටියට රජයෙන්ද එවැනි ආකාරයක වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.