හෙයියන්තුඩුව පුදේශයේ ගබඩා අංගනයකින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වාහන අමතර කොටස් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සපුගස්කන්ද පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම මොවුන් විසින් සොරකම් කරන ලද එම වාහන අමතර කොටස් ඒ අවට පුදේශයට විකුණා තිබි සොයා ගැනිණි.
අත් අඩංගුවට ගන්නා ලද මොවුන් ඉහළ බියන්විල පුදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 37 වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මාලක ගමගේ , සැරයන් පෙරේරා ( 32560 ) , තිලකරත්න ( 36589 ) , දසනායක ( 71335 ) , කුමාර ( 71453 ) , රත්නායක ( 67950 ) හා පො.කො. චතුරංග ( 31805 ) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කළහ.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති