වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම්


කොරෝනා වසංගතය හේතුවෙන් පවතින අහිතකර වාතාවරණය සැළකිල්ලට ගෙන වාරියපොළ සෞඛ්‍ය බල ප්‍රදේශයේ පිහිටි සියලුම ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම් කිරීමට වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තීරණය කර ඇත .

අද සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද ආපනශාලා වල සකසන  ආහාරපාන පිටතට රැගෙන යාමට පමණක් අවසරය ලබාදී ඇති බවද වාරියපොළ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එච්.ඒ.ඩී.සුරවීර මහතා ප්‍රකාශ කළේය .

වාරියපොළ සෞඛ්‍ය බළ ප්‍රදේශය තුළින් මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිවුදෙනෙකු සමග ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් පිළිබඳව අනාවරණය වීමත් , ඔවුන් බොහෝ දෙනෙකු වාරියපොළ, පාදෙනිය , මිනුවන්ගැටේ ආදි ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරීමත් හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රදේශයේ සියළුම අංශ සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද වෛද්‍ය සුරවීර මහතා පැවසීය.



Recommended Articles