වාරියපොල අතුරුදන්ව සිටි දෙදෙනාගේ මෘත ශරීර වතුර වලකින් හමුවෙයි


වාරියපොල පොලිස් වසමේ අතුරුදන්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුර එම ප්‍ර දේශයේ වෙල් යායක් ආසන්නයේ තිබූ වතුර වලකින් හමුවූ බව පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරියපොල මිනුවන්ගැටේ පදිංචි අවුරුදු 34ක් හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් පසුගිය 11 දා සිට අතුරුදන්ව සිටි අතර මෘත ශරීර ඊයේ සොයාගෙන තිබුණි.

 



Recommended Articles