කිරි කර්මාන්තකරුවන්ගේ සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයට පැමිණි කර්මාන්තකරුවන් පිරිසක් හා අමාත්‍යංශයේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
අදාළ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විෂයභාර රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේ සාකච්ඡාවක් ලබාදී තිබූ අතර ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී නොවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගැනුනේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස අද දින (22 දා) සාකච්ඡාවට පැමිණ තිබුණේය.

