වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර වැව් ප්‍රතිසංස්කරණය ඇරඹේ


වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදුවනවා.

ගොවි සංවිධානවල පූර්ණ සහායද මෙම වැඩපිළිවෙළට ලැබී තිබීම විශේෂත්වයක්.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වැව් සියයක් ප්‍රතිසංස්කරණය කිරිම මේ දිනවල සිදුවනවා. ඒ සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි දහයක්. වව්නියාව, සෙට්ටිකුලම, නැඩුන්කේනි හා වව්නියාව දකුණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදු කෙරෙන මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතාගේ නිරීක්ෂණයටද ලක් වුණා.

මෙම වැඩපිළිවෙළෙන් යල මහ දෙකන්නයේ කුඹුරු ඉඩම් රැසක් වගා කිරීමට හැකියාව ලැබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේද වැව් රැසක් වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ මේ දිනවල ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.

 



Recommended Articles