වායුගෝලයේ කැළඹීම අඩු පීඩනයක් වෙයි


දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි. එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන්‍ කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ  බෙහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතින බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අද පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles