ව්‍යාපාරිකයෙකුගේ මෝටර් රථ 02කට සහ යතුරු පැදියකට ගිනි


ව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසෙන මෝටර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03දා) ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

අද (03දා) අලුයම 1.30 ට පමණ සිදුවී ඇති මෙම ගිනි තැබීම පිළිබඳව මුගුණුවටවන පුලියන්කඩවර පදිංචි අදාළ ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ඇතුළු පවුලේ අය ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදී බලන විට තම ගෙවත්තේ ගාල් කර තිබූ මෝටර්   රථ දෙකකට සහ යතුරු පැදියකට කිසිවෙකු ගිනි තබා ඇති බව දුටුවේ යැයි ද එමඟින් තමන්ට රුපියල් ලක්ෂ 80 ක පමණ අලාභයක් සිදුවී ඇති බවද ව්‍යාපාරිකයා පවසා ඇත.

ජයරත්න වික්‍රමාරච්චි

 



Recommended Articles